Wednesday, March 30, 2011

ගැස්ට්‍රයිටිස්

අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස්
 
            රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද?ගැස්ට්‍රයිටිස්
රෝගය හඳුනාගන්නේ කොහොමද මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ
ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා‛‛බඩ පපුව
පුච්චන’’ ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි.
මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?
ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.
නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද
තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය
හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණතුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්
මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.
1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ
2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ
ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙසබඩ දැවිල්ලකෑම අරුචිය නිතරම කටට
කෙළ ඉනීමනිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීමකටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට
පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට
මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින්
නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්,අච්චාරු හෝ
අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට
පුළුවනි. නමුත්මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්
පුළුවන්.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද? 
මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,

1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,
   පිත්තාශයේ ගල් ඇතිවීම නිසාප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා

2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා

3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/
     අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්එහෙමත් නැතිනම් වෙනදාට වඩා
     තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන්
     මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.
ගැස්ට්‍රයිටිස්  රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?
මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්මරෝගියා හා කතාබහ කර රෝගය
හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත
අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,


1. එන්ඩස්කොපි පරීක්ෂණය -

    මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්   
    පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී

    ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.

 2 Ultra Scan අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය

3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්
ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.
1. පාරිසරිකව ඇතිවන හේතු
2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු
 මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරුඅධික තුනපහමිරිස් අඩංගු ආහාර ගැනීම,එමෙන්ම
මත්වතුරදුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට
දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද
ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.
ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?
මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට
අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය
සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන
උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.

එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම
නිසා එම අවයවයට හානි සිදුවීමමෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ
නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතරඇතැම් විට මෙම තුවාල නිසා විශාල
රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.

ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ
ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි
වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්
   

                                          මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?
 ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ
ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිතභාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද
ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර
2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර

මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ
දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ
ඖෂධ ලබා ගත යුතුය.

එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්
සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්
නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.

මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතරනිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු
යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම
උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ.



No comments:

Post a Comment