Thursday, March 31, 2011
Wednesday, March 30, 2011
ගැස්ට්‍රයිටිස්
අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස්
රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද?ගැස්ට්‍රයිටිස්
රෝගය හඳුනාගන්නේ කොහොමද ? මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ
ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා‛‛බඩ පපුව
පුච්චන’’ ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි.
මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?
ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.
නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද
තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය
හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ, තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්
මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.
1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ
2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ
ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස, බඩ දැවිල්ල, කෑම අරුචිය නිතරම කටට
කෙළ ඉනීම, නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම, කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට
පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට
මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින්
නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්,අච්චාරු හෝ
අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට
පුළුවනි. නමුත්, මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්
පුළුවන්.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද?
මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,
1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,
පිත්තාශයේ ගල් ඇතිවීම නිසා, ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා
2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා
3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/
අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්, එහෙමත් නැතිනම් වෙනදාට වඩා
තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන්
මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.
ගැස්ට්‍රයිටිස් රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?
මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම, රෝගියා හා කතාබහ කර රෝගය
හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත
අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,
1. එන්ඩස්කොපි පරීක්ෂණය -
මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්
පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී
ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.
2 Ultra Scan අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය
3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්
ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.
1. පාරිසරිකව ඇතිවන හේතු
2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු
මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු, අධික තුනපහ, මිරිස් අඩංගු ආහාර ගැනීම,එමෙන්ම
මත්වතුර, දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට
දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද
ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.
ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?
මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට
අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය
සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.
මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන
උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.
එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම
නිසා එම අවයවයට හානි සිදුවීම, මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ
නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර, ඇතැම් විට මෙම තුවාල නිසා විශාල
රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.
ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ
ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි
වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්
මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?
ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ
ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද
ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.
1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර
2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර
මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ
දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ
ඖෂධ ලබා ගත යුතුය.
එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්
සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්
නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.
මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු
යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම
උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ.
නිරෝගීව සිටීමේ කලාව හඳුනාගන්න.
අපි සියලු දෙනාම නීරෝගීව ඉන්නට කැමතියි. ඒත් නීරෝගීව සිටින්නේ කීයෙන් කී දෙනා ද? අපි බොහෝ දෙනෙක් එක්‌කො අධික රුධිර පීඩනයට ,දියවැඩියාවට,හෘද රෝගවලට, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩුකරගන්න බෙහෙත් ගන්නව. එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය, ආමාශයික වණ සමනය කරන්න බෙහෙත් ගන්නව. තවත් ඇතැම් අය ආතරයිටිස් ඒ කියන්නෙ හන්දි ඉදිමීම, හන්දි වේදනාවට ඖෂධ දීර්ඝකාලීනව ගන්නව. තවත් සමහර අය තයිරොයිඩ් ග්‍රන්ථියෙ අවක්‍රියාකාරිත්වය මඩින්න තයිරොක්‌සීන් හෝමෝනය දීර්ඝකාලීනව ගන්නව. මේ විදිහට අපට තියෙන රෝගවල ලැයිස්‌තුව දීර්ඝයි නේද?අපිට මේ තරම්ම රෝගාබාධ තියෙන්නෙ. නීරෝගීකම දුරස්‌වෙන්නෙ ඇයි ද කියල ඔබ මදකට සිතා බැලුව ද?
අපි ගන්නා ආහාර රටාවේ සිදු වූ වෙනස්‌කම්, කෘත්‍රිම ආහාර වැඩි වැඩියෙන් ගන්න එක. අධික මානසික පීඩනය, නිසි විවේකයක් නොලැබීම, වගේම සිරුරට නිසි ව්‍යායාම ලැබෙන්නෙ නැති එක මේ තත්ත්වයට ප්‍රධාන හේතු. අපි කන්නෙ තෙල් දාපු බත්. බොහෝ විට නිවුඩ්ඩ රහිත ඒවා. බත්වලටම මුද්දරප්පලම් වගේ තවත් සීනි සහිත දේවල්ද එකතුවෙනවා. මාළුනම් කන්නෙම සත්තෘප්ත තෙල් වලින් බැදල. කුකුළු මසුත් ඩෙවල් කරල හොඳටම තෙල් දාලා. බටු මෝජුවට ද හොදින්ම තෙල්, බෝතල්a ගණන්. ඒවට සීනිත් යහමින් එකතු වෙනව නේද? අලත් තෙල්දාලා. මේවට කෘත්‍රිම අහිතකර රස කාරක වර්ගද රසය වැඩිකරගන්නට එකතු කරනවා. අතුරු පස ඊට දෙවෙනි වෙන්නෙ නෑ. පලතුරු කන්නෙ ඉතාමත්ම කලාතුරකින් අය. ඒව යල් පැනගිය පුරුදු විදිහටයි සලකන්නෙ. අධිකවම සීනි අඩංගු අයිස් ක්‍රීම්, පලතුරු වල ෆක්‌ටෝස් වගේ හිතකර සීනි අවශ්‍ය තරම් ස්‌වභාවිකවම අන්තර්ගත වි තිබුණත්, අපි පිටතින් වැඩිපුර සාමාන්‍ය සීනි අධික ප්‍රමාණ වලින්ම දාලයි කන්නෙ. මේකටම සීනි අධිකව ඇති ජෙලි ද එක්‌කිරීම සම්ප්‍රදායක්. මේ විදිහට අයිස්‌ක්‍රීම්, ජෙලි , ෆට්‌සැලඩ් ආහාරයට ගන්නකොට සීනි හතර පාරක් එකතුවෙලා බව ඔබ මදකට සිතුවාද?
මේ වගේ ආහාර වේලක් ගත්තහම ලෙඩ පොදි පිටින් හැදෙන එක පුදුමයක් නොවෙයි නේද? රුධිරයේ අධික සිනි මට්‌ටමත් ඇතිවෙලා දියවැඩියාව හැදෙනවා. මේ වගේ අධික සීනි ආහාර - අතුරුපස - කනකොට ඒ සීනි මට්‌ටම පාලනය කරන්න අග්න්‍යාශ එකක් නෙවෙයි. කීපයක් තියෙන්න ඕනෑ. ආමාශයයි විශේෂයෙන්ම ග්‍රහනියයි අතර තියෙන්නේ සියුම් කුඩා අග්න්‍යාශයක් පමණයි.
තෙල් දාපු ආහාර අධිකව පරිභෝජනය කරපුවහම, කොලෙස්‌ටරෝල් අධික වෙලා හෘදයාබාධ ඇතිවෙන එකත්, මොළයට රුධිරය සපයන ධමනි වල කොලෙස්‌ටරෝල් තැන්පත් වෙලා රුධිර ගමන අඩාල වෙලා අංශභාග වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්නත් හේතු වෙනව. ඊට අමතරව අධික රුධිර පීඩනයටත් හේතුවක් වෙනවා. ඒ වගේම අධික රුධිර පීඩනය ඇති වෙන්න වෑංජනවල, අච්චාරු වැනි ආහාරවල අධිකව ඇති ලුණු ද හේතුවෙනවා. ඒ වගේම තෙල් දාපු ආහාර වැඩිපුර ගත්තහම ගැස්‌ට්‍රයිටිස් විදිහට දැන් ප්‍රචලිතව පවතින රෝග ඇතිවෙන්නත් හේතුවෙනවා. අධික මිරිස් සහ අම්ල අඩංගු අච්චාරු, චට්‌නි වර්ග අපි යහමින් පරිභෝජනය කිරීමත් ගැස්‌ට්‍රයිටිස් වලට හේතුවෙනවා.
සාද, ප්‍රිය සම්භාෂණ. මංගල උත්සවවලදී විශේෂයෙන්ම දානමය පුන්‍ය කර්ම අවස්‌ථාවලදී වුවත් අපේ පිරිමි පාර්ශවය මත්පැන් යහමින් තොල ගෑමද සෞඛ්‍ය ප්‍රශ්නවල ආරම්භය යි. මද්‍යසාරවල ද සීනි අඩංගුයි. ඊට අමතරව එහි ප්‍රධාන සංඝඨකය වන එතනෝල් වලින් ස්‌නායු ආබාධ, අධික රුධිර පීඩනය, අක්‌මාවේ ආබාධ, අග්න්‍යාශයික ප්‍රදාහය , ඉදිමීම (ච්බජරුඑසඑසි) අධික මත්පැන් නිසා ඇතිවන අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම හේතුවෙන් මීට ඉස්‌සෙල්ලා කියපු රෝග ඇතිවෙනවා. ඒ වගේම ගැස්‌ට්‍රයිටිසුත් ඇතිවෙනවා. රෝග ලැයිස්‌තුව තවත් දීර්ඝයි. අනෙක් අතට මත්පැන් ගන්නකොට අපේ අය ගන්න අමතර කටගැස්‌ම තුළද අධික තෙල්, කොලෙස්‌ටරෝල් ගුලි, වගේම සීනි ද අඩංගුයි. ඒ නිසා තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා නේද?
අපිට මේ තත්ත්වයෙන් මිදිය හැක්‌කේ කෙසේද?
අපිට මේ කෘත්‍රිම නව යුගයේ ආහාර රටාවෙන් මිදිල හැකිතාක් දුරට සොබාදහමට සමීප ස්‌වභාවික ආහාර පරිභෝජනය කරල මානසිකව සැහැල්ලුව ඇති කරගන්න පුළුවන්නම් මේ රෝග ඇතිවෙන එක වලක්‌වාගෙන හොදින් ඉන්න පුළුවන්. ආහාර පිළියෙල කිරීමේදී සෑම එකම තෙල් දමන්න වුවමනාවක් නෑ. මාළු තෙල් දාන්නෙ නැතුව උයල වෑංජනයක් ලෙස ගන්නවනම් ඉතා ප්‍රයෝජනවත්. මාළු වලින් ප්‍රොටීන ලැබෙනව වගේම හෘද රෝග වළක්‌වා ගන්නත් කොලෙස්‌ටරෝල් පාලනයටත් උදව්වෙනවා.කුකුල් මසුත් අධික තෙල් දාලා පිළියෙල කරල අධික මිරිස් රසකාරක දාල ඩෙවල් කරන්නෙ නැතුව සාමාන්‍ය කරියක් ලෙස පිළියෙල කරගත්තොත් හොඳයි. නමුත් මාළු ආහාරයට වඩා මස් ආහාරයට ගන්න එක තරමක් අයහපත් බව පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. මස් නිසාද ආහාර මාර්ග පද්ධතියේ පිsළිකා ඇතුළු තවත් ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව මස්‌වලට දමන කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යද සිරුරට අයහපත්, ඒ වගේම මස් පිණිස ආහාරයට ගන්නා මේ වගේ සතුන්ට දෙන හෝමෝන වර්ග වලින්ද සිරුරට අවැඩක්‌මයි වෙන්නෙ. ඒ නිසා ඔබ මාළු ආහාරයට වැඩිපුර යොමුවන්න මස් ආහාර සීමා කරන්න.උත්සව අවස්‌ථාවලදීත් වෙනත් අවස්‌ථාවලදීත් තෙල් දමාපු ෆයිඩ් රයිස් ගන්නෙ නැතුව සාමාන්‍ය බත් ආහාරයට ගන්න. නිවුඩ්ඩ සහිත සහල් නම් වඩාත් හොඳයි.
එමෙන්ම ඔබ සෑම ප්‍රධාන ආහාර වේලකටම පසුව පලතුරු සහිත අතුරු පසකට යොමු වන්න. සාද අවස්‌ථාවලදීත් අනෙකුත් අවස්‌ථා වලදීත් ගත්ත කෘත්‍රිම අධික තෙල් සීනි අඩංගු අයිස් ක්‍රීම්, ජෙලි, පුඩින්, වටලප්පන් වලින් හැකිතාක් වැලකී සිටින්න. මේ වගේ අතුරු පස ගත්ත සාදයක් මාසෙකට තිබුණහම මේ රෝග සියල්ලම ඇතිවීමට විශාල බලපෑමක් කරනව. ඒ වගේම ඔබ පෘට්‌සැලඩ් ආහාරයට ගන්නාවිට සීනි නොදමා ආහාරයට ගන්න. පලතුරුවලට සොබාදහමෙන්ම නියමිත ප්‍රමාණවලට හිතකර සීනි දමා තිබෙනවා. ඊට අමුතුවෙන් පිටින් සීනි දැමීම අවශ්‍ය නෑ.
ඇත්තෙන්ම පලතුරු කියන්නේ සොබාදහමේ විශිෂ්ට දායාදයක්. මහඟු නිර්මාණයක්. වෛද්‍යවරුන්ද අද කාලයේ කෑම වේලකට පසු පලතුරු ආහාරයට ගන්නා ලෙස නිතර නිතර උපදෙස් දෙන්නේද ඒ නිසයි. පලතුරු වල අඩංගු විටමින් වර්ග (Aග C වැනි ප්‍රතිඔක්‌සිකාරක විටමින් වර්ග ) ආහාර දිරවීමට අදාළ එන්සයිම හොදින් ක්‍රියාත්මක කිරීමට ආධාර වෙනවා. එමෙන්ම ඛනිජ ලවණ ද සිරුරට සපයනවා. ඒ වගේම ප්‍රතිඔක්‌සිකාරක අඩංගු නිසා සිරුරේ රුධිර නාලවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීමද අවම කරනවා. අනෙක් අතට පලතුරුවල ද්‍රව්‍ය තන්තු අඩංගු නිසි එහි වැදගත්කම තවත් වැඩියි.
එළවළු /පලතුරු වල අඩංගු තන්තු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි පිළිකා වර්ග වළක්‌වනවා. තන්තු සිරුරේ සිනි හා කොලෙස්‌ටරෝල් පාලනයටද ආධාර වෙනවා. ඒ වගේම අපි තේ පානය කරන කොට ඒකට සීනි තේ හැඳි කීයක් දානවාද? චීනයේ නම් (තේ පැන් කලාවේ ආරම්භය සිදු වු රට) තේ පානය කරන්නේ සීනි නොදමා. තේවල යම් ඖෂධීය ගුණයක් අඩංගු බව හෙළි වී තිබෙනවා. එහි අඩංගු හෙළිෆි කෝල් සංයෝග ඖෂධීය සංඝටයක්. විෂබීජ ආසාදන දුරුකිරීමට, රුධිරයේ සීනි සහ කොලෙස්‌ටරෝල් පාලනයට වගේම දන්ත රෝග වළක්‌වා ගැනීමටද ඒවා හේතුවෙනවා. එහෙත් තේ වලට අධික සීනි එක්‌කිරීමෙන් එහි අඩංගු ඖෂධීය සංඝඨක ග්ලයිකොසිලේෂන් නම් වූ ප්‍රතික්‍රියාවට භාජනය වන නිසා ඒවායින් නිසි ප්‍රයෝජන ලැබෙන්නෙ නෑ. ඒ වගේම තේ වලට සීනි දැමීමෙන් සීනි මට්‌ටම පාලනයට බාධා ඇතිවෙනවා වගේම දන්ත රෝග ඇතිවීමටද මංපෙත් විවර කරනවා එබැවින් ඔබ තේ පානය කරන විට සීනි නොදමා හෝ සීනි හැකිතාක් දුරට අවමව යොදා භාවිත කරන්න. එලෙස පුරුදු වූ විට එය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණයි. අනෙක් අතට ඔබ යම් රෝගයකට ඖෂධයක් ගත්තේ නම් ඖෂධ ගන්නා වේලාව ආසන්නයේදී තේ පානයෙන් වළකින්න. තේ නිසා ඖෂධ සිරුරට උරා ගැනීමට බාධා පැමිණෙනවා.
ඒ වගේම ව්‍යායාම නිසිලෙස නොලැබීම රෝග රැසක ආරම්භයක්. අද සංකීර්ණ තරගකාරි කාර්ය බහුල සමාජයේ ව්‍යායාම කිරීමට කාල වේලාවක් නැති සෙයකි. නමුත් දැන් දැන් ව්‍යායාම කිරීමට යම් ප්‍රබල නැඹුරුවක් පවතින බව පේනවා. වෛද්‍යවරුන් විසින් නිතර නිතර ශාරීරික ව්‍යායාම වල වැදගත්කම ප්‍රකාශ කිරීම ඊට ප්‍රධාන හේතුවක්.
ව්‍යයාම නිසා කොලෙස්‌ටරෝල් පාලනය වන අතර දියවැඩියා රෝගීන්ගේ සීනි මට්‌ටමද අඩු කරනවා. අධික රුධිර පීඩනය සහිත අයටද සුදුසුයි. ඒ වගේම මනා පාලනයකින් යුතු ව්‍යායාම හෘද රෝගීන්ටද මහඟු ප්‍රතිඵල අත්කර දෙන්නක්. ගත සිත දෙකම ප්‍රබෝධමත් කිරීමට ව්‍යායාම සතු හැකියාව ඉතා ඉහළයි. එබැවින් ඔබ කෙසේ හෝ දිනකට සුළු වේලාවක් ගෙන ව්‍යායාම වලට යොමුවන්න. දිනපතා උදෑසනම ව්‍යායාම වල නිරත වීම දවස පුරාම ප්‍රබෝධමත්ව කාර්යක්‌ෂමව සිටීමට හේතුවෙනවා.
උදෑසන අපහසුනම් සවස් වරුවේ හෝ ව්‍යායාම වල යෙදෙන්න. යම් ව්‍යායාම උපකරණයක් භාවිතයෙන් හෝ වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම හෝ යෝග ව්‍යායාම ලෙස හැදින්වෙන ව්‍යායාම යම් අධ්‍යනයකින් පසුව සිදු කිරීම කළ හැකිය. ඔබ ඉතාම කාර්ය බහුලනම් උදෑසන නිවස වටා වට කීපයක් දහයක් හෝ විස්‌සක් දහදිය දමන ලෙස වේගයෙන් ඇවිදීම වුවද හොද ව්‍යායාමයකි. හොදින් දහදිය දමන තෙක් ව්‍යායාම කිරීම වැදගත්. දහදිය සමඟ සිරුරට අහිතකර විෂද්‍රව්‍ය සම හරහා පිටවෙයි. ඒ වගේම වෙහෙස වීමේදී සමට හොදින් රුධිර සැපයුම ලැබෙන බැවින් සමේ ස්‌නේහශ්‍රාවී ග්‍රන්ථි (Seඉaජැදමි ටක්‌බාs) හොදින් ක්‍රියාකාරී වී සමෙන් තෙල් වර්ග ද පිටව යන බැවින් කොලෙස්‌ටරෝල් මේද පාලනයටද දායකත්වයක් දරනවා. ඊට අමතරව සිරුර වෙහෙසීමෙන් කැලරිද දහනය වන අතර මේද කොටස්‌ද ශක්‌තිය නිපදවීම සඳහා දායකවන බැවින් අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය වනවා.
ඒ වගේම අධික කාර්ය බහුල ඔබට විවේකය ලබා ගැනීමද අධික මානසික පීඩනයෙන් මිදීමට සැහැල්ලුවෙන් සිටීමද අවශ්‍ය වෙනවා. රෝග රැසක් වළක්‌වා ගැනීමටද ප්‍රධාන රෝග පාලනයටද එය හේතුවනවා. එබැවින් මසකට වරක් හෝ විනෝද චාරිකාවක යෙදීම, සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සිටීම ඉතාම වැදගත්. සති අන්තයේ සැහැල්ලුවෙන් විවේකීව සිටීමද දිවියේ යහ පැවැත්මට හේතු වෙනවා.

British Muslim who entered Miss Universe contest receives death threat
Shanna Bukhari was subjected to a tide of online hate after entering the British heats of the beauty contest. Now she fears her life could be in danger
When Shanna Bukhari decided she wanted to be the first Muslim to represent Britain in a global beauty pageant, she suspected the road ahead might not be smooth, but nothing could have prepared her for the abuse she received.
"I have felt in fear for my life," said the 24-year-old Miss Universe contestant. The attacks escalated last week when Bukhari received her first death threat.
The censure has come from various quarters, ranging from Muslims who claim that she is denigrating the name of Islam, to white supremacists who say that an Asian cannot represent the UK, and to women who condemn beauty pageants as an affront to feminism.
Bukhari, born in Blackburn, grew up in Lancashire and is no stranger to intolerance. When she was nine, she ended up in hospital after a man screaming racist abuse had thrown a brick at her, causing so much damage to her stomach that she suffered a blood clot and had to undergo surgery.
But even she has been surprised by the furore that her participation in the British heats of Miss Universe has prompted. Rather than confirming her hopes that society had progressed since her childhood, the controversy has made her question the state of multiculturalism in modern Britain. "It has highlighted the divisions that exist, a lack of social integration, a lack of adhesion between white and coloured people, and this needs to be addressed," she said. "I thought my participation might be something that people did not agree with, but I never thought I'd get abused."
The attacks on the Manchester-based English literature graduate began after a local newspaper ran an article 10 days ago revealing her ambition to become the first Muslim to represent Great Britain at the beauty contest. Since then, she has received around 300 messages a day on her Facebook page, a handful of which are abusive. Most of the negative comments have come from a minority of Muslim men. "I get people saying, 'you're not a Muslim' and 'you're using religion to get attention'. I said they were the ones bringing religion into it. I'm not representing Islam; I just want to represent my country, and of that I am very proud. They are trying to control me, using religion as a tool to attack."
Bukhari accuses her abusers of having the same sort of mindset as those who support "honour" killings and beat women. Many of the comments are, she says, from individuals who want sharia law instead of a liberal democracy. "We simply live in a multicultural society where there are significant numbers of Muslims. Islam is about peace; abusing me is itself wrong in Islam."
Away from the religious-themed criticism, Bukhari detects a broader anti-female resentment from men who combine sleaze with slurs. "Maybe it's because I'm a woman saying to other women 'stand up for yourself, don't let anyone dictate what you can do or can't'. Some men don't like that," she said.
But not all the abuse is from men: Bukhari has also attracted opprobium from feminists. "I've had a few girls saying 'shame on you' or 'rot in hell'. But I'd like to know what their real issues are, so we could have a constructive debate."
The abuse that truly shocked Bukhari arrived last Tuesday in the form of an online racist rant. Within hours she had shut down her Facebook fan page, but a friend was then sent a number of internet links to images of people murdered for standing up for their principles. "She rang up and said, 'Shanna, you need to be very careful because he's trying to make me aware that things will happen'. Not a direct death threat perhaps, but he was trying to say that something is going to happen to me."
Bukhari takes the threat of physical violence seriously. She makes sure she is never alone, both in her Manchester flat and on the city streets, and has contacted a private security firm for protection when attending charity events to raise money for the Joshua Foundation, a charity for terminally ill children. She fears that Britain's Miss Universe finals in Birmingham in May will also be a target: "It worries me that haters will turn up. I know what they are capable of."
One Facebook message calls her a "dirty Muslim" and asks why she is representing Britain "when you don't even fucking belong here". Bukhari said: "I actually replied to him in a very calm manner because I'm not one to retaliate, my family taught me to rationalise rather than react. Then I thought 'why can't I represent Britain?' I was born here and am proud to be British. My parents are from Pakistan but I am not going to represent Pakistan as this is my country."
Bukhari says the abuse has been disillusioning partly because she enjoyed a liberal upbringing; her parents sent her to a Catholic school in Blackburn where she was the only Muslim but was "completely accepted". It was only when she moved to Manchester in 2001, she said, that she became aware of segregation as an issue. She does not agree with David Cameron's speech last month in which he asserted that state multiculturalism in Britain had failed. She believes that more must be done to break down mistrust.
Bukhari cites the thousands who have offered their backing. Support has come from Spain, the Middle East, Pakistan, India and China. Most women supporters say she represents not just a role model for Muslim women, but all those who refuse to be cowed by bullies.
During last month's semi-final for Britain's Miss Universe candidate Bukhari received the most public votes. Britain has never won the title. It is increasingly possible that its first victor might also be its first Muslim representative.
Subscribe to:
Posts (Atom)